“තරංග් ශක්ති” අභ්‍යාසයට ශ්‍රී ලංකා ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය

(කොළඹ | ලංකාපුවත්) –  ඉන්දියානු ගුවන් හමුදාව විසින් සංවිධාන කරනු ලැබු “TARANG SHAKTHI” ගුවන් සටන් අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Beechcraft ගුවන් යානය ද එක්වු අතර මෙම අභ්‍යාසය සදහා රටවල් 11ක් නියොජනය කරමින් ගුවන් යානා 150 ක් පමණ සහභාගි විය.

TARANG SHAKTHIගුවන් සටන් අභ්‍යාසයෙහි පළමු අදියර 2024 අගෝස්තු 6 සිට 14 දක්වා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Sulur ගුවන් හමුදා කදවුරේදි සාර්ථකව පැවැත්වු අතර දෙවන සහ අවසාන අදියර රාජස්ථානයේ Jodhpur ගුවන් හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් 14 පවැත්වේ.

මෙම සටන් අභ්‍යාසයේ සෑම අදියරක් සදහාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය සක්‍රීයව දායකත්වය ලබාදෙයි.

ගෝලීය ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණු ඇතිව ඉන්දියාව විසින් මෙතෙක් පවත්වන ලද විශාලතම ජාත්‍යන්තර ගුවන් අභ්‍යාසය වන TARANG SHAKTHI අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වීම තුලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජාත්‍යන්තර හමුදා සබඳතා ශක්තිමත් කරගැනිමේ අවස්ථාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් හා ගුවන් භටයින් සඳහා සුවිශේෂි අත්දැකිම් ලබාගැනිමේ අවස්ථාවක් උදාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *