අනුර ජනපති පුටුවට යද්දි නිපුණආරච්චි පාර්ලිමේන්තුවට

(කොළඹ | ලංකාපුවත්) – නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි පත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මේ බව අදහස් දැක්වීය.

ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවයි.

අනුර කුමාර දිසානායක ගෙන් පසු මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි බැවින් මැතිවරණ කොමිසම නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *