ජනපති අනුරට IMF විශ්වාසය පළ කරයි

(කොළඹ | ලංකාපුවත්) – වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කරමින් යොමු කළ ලිපියේ මේ බව සඳහන් කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවකු සහ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බව ද ඒ මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩසටහනේ තෙවැනි සමාලෝචනය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා වත්මන් ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරන බව ද ඒ මහත්මිය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *