සණස ලයිෆ් ‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය දියත් කරයි

(කොළඹ | ලංකාපුවත්) –  මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් සණස රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම නිමිත්තෙන් දියත් කළ ‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය 2024. 10. 01 දින දීපව්‍යාප්ත ව ආරම්භ විය.

100කට අධික සණස ලයිෆ් ශාඛා ජාලය හරහා තෝරා ගනු ලැබූ පාසල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වීමට නියමිත මෙම සුවිශේෂී පැළ රෝපණ ව්‍යාපෘතිය මඟින් 2024. 10. 01 දිනයේ දී පැළ 1,000කට අධික සංඛ්‍යාවක් රෝපණය කිරීමට සිදු කෙරිණි. එමෙන් ම මේ වසරේ දී පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වූ දරු දැරියන් සම්බන්ධ කර ගනිමින් මෙම පැළ රෝපණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කළේ, ” සණස ලයිෆ් රක්ෂණ සමාගම පරිසරය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රධාන අවධානය යොමු කරන ආයතනයක්. ඒ වගේ ම අපගේ තිරසාර අරමුණුවල දී පාරිසරික තිරසාරත්වය වෙත දැඩි අවධානයක් යොමු කරන බවත් පැවසිය යුතු ම යි. මේ නිසා ම පරිසරයට ආදරය කිරීම සහ පරිසරය රැක ගැනීම වෙත මේ රටේ දරු දැරියන්ගේ අවධානය යොමු කරවීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. ඒ හරහා අපගේ අනාගත පරපුර පරිසරය සමඟ බද්ධ වූ පිරිසක් බවට පත් කිරීම අපගේ අරමුණයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අපට සහයෝගය ලබා දෙන විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩල වෙත කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒවගේ ම අපගේ පරිසරය රැක ගැනීමට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය උපරිම දායකත්වය ලබා දීමට අපි ඉදිරියේ දීත් කටයුතු කරන බව අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය හරහා ලෝක ළමා දිනයේ දී මෙන් ම ඉන් ඔබ්බට පරිසරය පිළිබඳ දරු දැරියන්ගේ ආකල්ප වර්ධනය කිරීම සණස ලයිෆ් රක්ෂණ සමාගමේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *