මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ

(කොළඹ | ලංකාපුවත්) –  මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.

සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවද ඔහු කියා සිටී.

මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇතැයි පැවසේ.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *