රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතුයි – රනිල් විල්අද්දරගේ

(කොළඹ | ලංකාපුවත්) –  රටේ ආර්ථිකය මනාව කළමනාකරණය කළ යුතු බවත් එසේ නොකළහොත් රටේ ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද පීඩවාට පත්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය.

රනිල් විල්අද්දරගේ මහතා මෙම අදහස් පළ කර සිටියේ කැස්බෑව පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා,

“ආර්ථික අර්බුදයෙන් පසු රට ස්ථාවර කරමින් ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරනු ලැබූවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. රටේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථිකය ස්ථාවර වූ බවත් ඉදිරි මාස කිහිපය තුළත් එහි ප්‍රතිලාභ ජනතාවට හිමි වෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට එම ආර්ථික ප්‍රතිසංස්කරණ වත්මන් රජයද ඉදිරියට ගෙන යා යුතුයි. එසේ නොවුනහොත් රටේ ආර්ථිකය යළිත් කඩා වැටීමේ අවධානමක් ඇතිවිය හැකියි. රටේ ජනතාවට ස්ථාවර ආර්ථිකයක් හා ව්‍යාපාරකයින්ට ව්‍යාපාර කළ හැකි පරිසරයක් නිර්මාණය කර දුන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

තරුණ අපේ සිහිනය වන්නේ හොඳ දැක්මක් ඇති නායකයෙක් සමග අපේ රට ලෝකයේ අංක එකට ගේන්නේ කොහොමද කියන එකයි. ව්‍යවසායකයෙක් විදියට සමාජ සසුබසාධනය මූලික කරගත් ව්‍යාපාර මොඩලයක් රටට හදුන්නා දීලා, යමක් රටේ ජනතාව වෙනුවෙන් සිදඅ කරළා, ඒ හරහා ලද පන්නරයත් එක්ක දේශපාලනයට ඇවිත් තියෙනවා. දේශපාලනය වුනත් අවංකව ඉස්සරහට ඇවිල්ලා කරන්න ඕනේ. පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ අවංක, දක්ෂ, අද්දැකීමක් හා පලපුරුද්දක් ඇති පුද්ගලයින්.

දේශපාලනයට පුද්ගලයින් පැමිණිය යුත්තේ හැකියාවක් හා පලපුරුද්දක් එක්ක. ඒ සඳහා තරුණ තරුණියන් පෙළ ගැස්වීම අපේ වගකීමක්. එහෙම නොවුනහොත් රට යළිත් කඩාගෙන වැටෙනවා. ඒ සඳහා පලපුරුදු, අද්දැකීම් සහිත ශක්තිමත් කණ්ඩායමක් ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා.

බංකොලොත් වුන ආර්ථිකයක් වසර දෙකක් තුළ යළිත් ඉහළට ඔසවා තබමින් දෙයක් කර පෙන්වූ නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දිය හැකියි. එය අපි කුහකත්වයක් නැතිව පිළිගත යුතුයි. එවැනි දැකිමක් ඇති පරිණත නායකයින්ගේ මඟ පෙන්වීම ඉදිරියටත් අපේ රටට අවශ්‍යව තිබෙනවා.

රටක අදායම වියදම කළමනාකරණය වැදගත්. ආදායමට වඩා වියදම වැඩිවුන නිසා තමා රට කඩාගෙන වැටුනේ. ජනතාවට පෝලිම් යුගයකට යන්න වුනේ. ඒ තත්ත්වය වෙනස් කරලා රට ස්ථාවර කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ හැකියාව ලැබුනා. අපි ව්‍යාපාරයක් කරන කොට අපි වැඩ කරන්නේ තමන්ගේ කණ්ඩායමක් සමගයි. තමන්ගේ නොවන කණ්ඩායමක් සමග වැඩ කරලා වැටුණු රටක් ගොඩ දැමීම ඉතාමත් අමාරු කාර්යයක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එය නිසි ලෙස ඉටු කළා. වවත්මන් රජයට අභියෝගයක් තිබෙනවා ආදායම හා වියදම කළමනාකරණය කර ගැනීම. ඒ වගේම ජනාව බලාපොරොත්තු වූ තෙල් මිල අඩු කිරීම, අත්‍යවශ්‍යය භාණ්ඩ මිල පාලනය කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම වැනි කාරණා කඩිනමින් ඉටු කිරීමට. නමුත් තවමත් ජනතාව බලාපොරොත්තු වූ මාර්ගයේ ඔවුන් ගමන් කිරීමක් දක්නට නැති බව විල්අද්දරගේ මහතා වැඩදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *