(කොළඹ | ලංකාපුවත්) – මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ එවැනි ප්‍රචාරක කටයුතු නිරීක්ෂණය කළහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.