(කොළඹ | ලංකාපුවත්) – යම් ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධව මහ බැංකුව ද එකඟතාව පළ කර ඇති බවය.
ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහජනතාවට දැනුම්දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
“වාහන ආනයන ක්‍රියාවලිය යම් ක්‍රමවේදයකට අනුව ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න රජය තීන්දු කරලා තියෙනවා. මහ බැංකුවත් ඒ ගැන එකඟතාව පළ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දැනුම් දෙන්නම් ඒකට ක්‍රමවේදය මොකක්ද කියලා. ඒකට විවිධ අය සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ සියල්ල සලකා බලලා අපේ මුදල් පිටට එකපාර ගලාගෙන යන්නේ නැති විදිහටත් මේක ක්‍රමානුකූලව කරන්න ඕනේ”