ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

(කොළඹ | ලංකාපුවත්) –  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම හමුවේදී අවධාරණය කළ බව සඳහන්වේ.

තානාපතිනිය සහ අගමැතිවරිය අතර පැවති මෙම සාකච්ඡාවෙදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *