රාමේෂ්වරම් ධීවරයින් දින දෙකක වර්ජනයක

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ‘The Hindu’ වාර්තා කරයි.

අද (07) සහ හෙට යන දෙදින තුළ ධීවර කටයුතුවලින් වැළකී මෙම වර්ජනයේ නිරත වන බව රාමේෂ්වරම් ධීවර සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය දෙසැම්බර් 04 වෙනි දින මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම මෙම වර්ජනයට ආසන්නතම හේතුව වී ඇති බව අදාළ පුවත් වාර්තාවේ සඳහන්වේ.

රාමේෂ්වරම් ධීවර සංගම් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ දිගින් දිගටම සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර ප්‍රජාව තම ජීවිකාව සිදුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

ධීවර ප්‍රජාවට යම් හෝ සහනයක් ලැබිය හැක්කේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පමණක් බවද එම ධීවර සංගම් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *