“I AM the Sri lankan Entrepreneur 2024” ව්‍යවසායකත්ව සම්මාන උළෙල ලබන මාර්තු 05දා

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශිෂ්ධතම ව්‍යවසායකින් ඇගයීමකට ලක් කරන I AM the Sri lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය ලබන මාර්තු 05දා කොළඹදී පැවැත්වීමට ශ්‍රීලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of lankan Entrepreneur(COYLE) කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකාවේ දසත විසිරි සිටින කවර හෝ කර්මාන්ත අංශයක නවෝත්පාදන සපිරි ව්‍යවසායකත්ව කුසලතා විදහා දක්වා ඇති ඕනම අයෙකුට ජාතික මට්ටමින් තම ව්‍යවසායක කුසලතා ඇගැයීමකට ලක් කිරිම මෙම සම්මාන ප්‍රදානයෙන් මහැඟි අවස්ථාවක් ලැබෙන බවත් සංවිධායක මඩුල්ල පවසයි.

මෙම සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්භ වී ඇති ඇති අතර ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් COYLE – wwww.coyle.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2025.ජනවාරි 15 වේ.

එදින හෝ එයට පෙර අයදුම්පත් යොමු කර තමන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ජාතික මට්ටමේ ඇගයුමකට ලක් කරන මෙම සම්මාන ප්‍රදානය සදහා ස්වකීය දායකත්වය ලබා දෙන ලෙස දසත විසිරි සියළු ව්‍යවසායකයින්ට ඉල්ලීම් කරයි.

“වඩාත් ශක්තිමත් හා ගෝලීය වශයෙන් වඩාත් තරඟකාරී ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැංවීමේ COYLE හි ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සම්මාන ප්‍රදානය සදහා එක් වන ලෙස දසත විසිරි සියළු ව්‍යවසායකයිගෙන් අප ඉල්ලීමක් කර සිටිනවා”, යැයි සංවිධායක මණ්ඩලය පවසයි.

පළාත් මට්ටමමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යවසායකයින් මෙහිදි ඇගයීමට බදුන් කරන බවත් එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය ගොඩනැගීමට මූලික වන ව්‍යාපාරික විශිෂ්ටත්ව උදෙසා මහඟු ගෞරවයක් හා උත්තේජනයක් බවද පවසයි.

මෙහිදි අප ව්‍යවසායකත්ව සම්මාන 65කට අධික ප්‍රමාණයක් පිරි නැමීමට නියමිතයි. ඒ අතරේ “හොදම තරුණ ව්‍යවසායකයා” , “හොදම කාන්තා ව්‍යවසායිකාව” හා “හොදම සමාජ ව්‍යවසායකයා” යන සම්මාන ප්‍රධානයි.

මෙහිදි ප්‍රධාන සම්මානය ලෙස “වසරේ ව්‍යවසායකයා සම්මානය” ප්‍රමුඛ වන බව සංවිධායකයෝ පවසයි.

සම්මාන ප්‍රදානයේ විශ්වසනීයත්වය සහ පාරදෘර්ශිත්වය තහවුරු කිරීම සඳහා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා COYLE හි පූර්ණ මාර්ගෝපදේශනය ලබා දෙන බවත් සදහන්ය.

ඒ අනුව ලොව ප්‍රමුඛ පෙලේ විගණන හා කළමනාකරන උපදේශන සේවා ආයතනයක් වන Ernst & Young ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ විශේෂඥත්වය ඇති ස්වාධීන විනිශ්චය මණ්ඩලයක පූර්ණ ඇගැයීම හා නිර්දේශය යටතේ අදාල සියළු සම්මාන පිරි නැමීම සිදුකරයි.

මෙම ඇගයීම හා නිර්දේශ ක්‍රියාවලිය , ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශිෂ්ටත්වයට ලැබෙන විශ්වාසනීය තක්සේරුවක් ලෙස මෙම සම්මාන මාලාවේ කීර්තිය තහවුරු කරන බවද සංවිධායකයෝ පවසති.

COYLE හි තරුණ ලාංකික දැක්ම තුළින් පන්නරය ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවය, අනාගත නායකයින්ගේ වර්ධනයට මඟ පෙන්වයි. එමෙන්ම ව්‍යාපාරිකයන්ගේ නවෝත්පාදක දැක්ම තහවුරු කරමින් තරුණ නවෝත්පාදකයින් දිරිමත් කිරීම ජාත්‍යන්තර තරඟකාරි ව්‍යාපාරික පරිසරය වර්ධනය කිරීම මෙම සම්මාන උළෙල සංවිධානය කිරීමේ COYLE හි ප්‍රමුඛ අරමුණු අතර වේ.

වසර 25කට වැඩි කාලයක් පුරා, COYLE ශ්‍රීලංකාවේ ව්‍යාපාරික අංශය ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදන හැකියාවන් වර්ධනය කිරීම සහ සාර්ථකත්වය සදහා දැවැන්ත පුද්ගලයන්ට සහ ව්‍යවසායකයන්ට අවස්ථා සලසමින් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරයි.

ඒ අනුව “I AM the Sri lankan Entrepreneur 2024” ව්‍යාපෘතිය මඟින් ශ්‍රීලංකාවේ ව්‍යවසායකත්ව කුසලතා ඔප නැංවීමෙහිලා වන COYLE හි ප්‍රමුඛත්වය තවදුරටත් සනාථ කරන බවද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *