ඉන්දියා – කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) –  උතුරු මුහුදු සීමාවේ පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන බවට සිව ගංගී නැව් සමාගම නිවේදනය කර තිබේ.

පසුගිය 2024 වසරේ ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට නැව් සමගම තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම නැව් සේවාවට මෝසම් වර්ෂාව මගින් දැඩි බලපෑමක් එල්ල කිරීමෙන් නැව් සේවව නවතා දැමීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කොට ඊට විකල්පයක් සෙවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබගැනීමටද සිවගංගි නැව් සේවා සමාගම විසින් කටයුතු කර තිබේ.

හෙට (02) දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබූ අතර ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක් බවට දක්වා තිබේ.

එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තුවෙන් සිටින බව, වාර්තා වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *