(කොළඹ | ලංකාපුවත්) – රජයේ ආයතනවල ඉවතලන කඩදාසි වාලච්චේන කඩදාසි කම්හල වෙත භාරදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉවතලන කඩදාසි තොග අත්‍යවශ්‍ය වන බව සඳහන් වේ .
ඒ සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ලබාදීමෙන් ප්‍රමාණවත් සහ අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුමක් සිදුවන බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, රජයේ මුද්‍රණාලය , රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව , මැතිවරණ කොමිෂන් සභාව , අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන , විශ්වවිද්‍යාල , රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තතු වලින් බැහැර කෙරෙන කඩදාසි තොග මේ සඳහා ලබා ගැනීමට නියමිතය.
ඒ අදාළ ප්‍රවාහන පහසුකම් සැපයීම කඩදාසි සමාගම මගින් සිදුකිරීමේ පදනම මතය.
එමෙන්ම, අනෙකුත් රාජ්‍ය සංස්ථා , මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සහ රජයට අනුබද්ධ ආයතනවල ඉවතලන කඩදාසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සමාගම වෙත සහනදායී මිලකට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි විය.