උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවත් සංවර්ධනය කර ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මස 02 සහ 03 යන දෙදින එම පළාතේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

"උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව සංවර්ධනයට පියවර"

කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොරටුව හා බණ්ඩාරගම ප‍්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

"කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට"

ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප‍්‍රකාශයට පත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ලබන ජූලි මස 06වනදා සිට 09වනදා දක්වා ඉන්දියාවේ ඔඞීසා ප‍්‍රාන්තයේ දී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

"ආසියානු ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප‍්‍රකාශයට පත් වෙයි"

‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වස විස නැති රටක් සඳහා වූ තුන් අවුරුදු සැලැස්මේ ඉලක්කවලට සමගාමීව සංවිධාන කරන ‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) ආරම්භ කෙරේ. තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට අප්‍රේල් මස 04වනදා දක්වා පැවැත්වෙන අතර, උදෑසන 09 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

"‘තිරසර ලංකා‘ ජාතික මංගල්‍යය අද සිට"

බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසමේ විමර්ශන සහයට සහකාර පොලිස් අධිකාරී ඒන්.වී. ලෝරන්ස් තාවකාලිකව අනුයුක්ත කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

"බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි"

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රමිකයින්ට ජනපති අතින් සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – “අභිමානී 2017 – දැයක් නගන පරපුර වෙත නගමු හරසර” යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය. නාගරික ජනාවාසවල වෙසෙන හැටදහසක ජනතාවට ස්ථීර නිවහන් ලබාදීම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

"නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රමිකයින්ට ජනපති අතින් සම්මාන"

රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇතැයි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ  මේ බව සඳහන් කළේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (30) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

"රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇතැයි අගමැති කියයි"

දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු ජනාධිපතිවරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

"දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට"

රේණුකා හේරත්ගෙන් හිස්වු පුටුව අශෝක හේරත්ට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්තවීමෙන් හිස් වූ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීධූරයට අශෝක ප්‍රියන්ත බණ්ඩාර හේරත්මහතා පත් කර තිබේ.

"රේණුකා හේරත්ගෙන් හිස්වු පුටුව අශෝක හේරත්ට"

රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේදී සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින්  සොයාගෙන ඇත.

"රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්"