ජනපති ලන්ඩන් නුවර දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊයේ (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්විය.

"ජනපති ලන්ඩන් නුවර දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙයි"

ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වනවිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙත ළඟා වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

"ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි"

2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ දී පැවැත්වේ.

"2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ආරම්භ වෙයි"

ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පතා තිබේ.

"ශ්‍රී ලාංකිකයින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්"

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අදයි

(කොළඹ, ලංකාපුවත්) –සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අද(16) පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

"හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අදයි"

සාමයේ-සෞභාග්‍යයේ අස්වැන්න නෙළා ගනිමු – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –මුළු මහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාර ධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම මඟින් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළා ගැනීමට අපට නිසැකවම හැකියාව ලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

"සාමයේ-සෞභාග්‍යයේ අස්වැන්න නෙළා ගනිමු – ජනපති"

සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) –සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ධ වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

"සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක්"

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ජනපති එක්සත් රාජධානියට

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර දී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.

"පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ජනපති එක්සත් රාජධානියට"

මැයි 01වනදා නිවාඩුව අවලංගුයි – ඒ වෙනුවට නිවාඩුව මැයි 07වනදා

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට බාධා විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

"මැයි 01වනදා නිවාඩුව අවලංගුයි – ඒ වෙනුවට නිවාඩුව මැයි 07වනදා"

ශ්‍රීලනිප 16දෙනා තනතුරුවලින් ඉවත්වෙති

(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත්වීමට තීරණය කරති.

"ශ්‍රීලනිප 16දෙනා තනතුරුවලින් ඉවත්වෙති"