(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
බැදුම්කර ගණුදෙනු පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා ඊයේ(29) සාක්ෂි ලබා දීම සිදු කරන ලදි.
ඒ අනූව මූල්‍ය මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
ඉකුත් 20වනදා සිට බලපැවැත්වෙන පරිදි ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කර නව සාමාජිකයින් පත් කිරීමට තීරණය කළ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා පැවසීය.