ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට දෙන ඖෂධ හිඟ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ෆ්ලුවෙන්සා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා ලබා දෙන ඖෂධවල කිසිඳු හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කල බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටිය මහතා පැවසුවේ අදාල ඖෂධ ප්‍රමාණවත් පරිදි ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් පසුගිය සති කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් එම රෝගීන් සඳහා ලබා දෙන ඖෂධය සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා 15 ගුණයකින් පමණ වැඩි වී ඇති අතර එම තත්ත්වය මත හදිසි තත්ත්වයකදී භාවිතයට ගැනීමට වෙන්කර තිබූ ඖෂධ තොග ද රෝහල් වෙත සැපයීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඉන්ෆ්ලුවෙන්සා සඳහා ලබා දෙන අදාල ඖෂධය එම රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන්ට පමණක් නිර්දේශ කරන ලෙස සියලු රෝහල් වෙත දැනනුම්දීමක් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *