එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පෙරහුරුව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (07) පැවසීය.

මෙවර පැවැත්වෙනුයේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වේ. ප්‍රථම වරට එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ද විශේෂත්වයකි.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උලෙළ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1999 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා සම්මත කරනු ලැබූ අංක 54/115 දරණ මහා මණ්ඩල යෝජනාව අනුව , වෙසක් දිනය අන්තර් ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.එම යෝජනාව මහා මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබුවේ 1999 සැප්තැම්බර් 23 වැනිදාය.ඒ සඳහා මුල්වූ ප්‍රධානතම රාජ්‍ය ශ්‍රී ලංකාව වේ.

එවකට විදේශ ඇමතිවරයාව සිටි, ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඊට කැපවී ක්‍රියා කළේය.ශ්‍රී ලංකාවේ බිහි වූ දක්ෂතම රාජතාන්ත්‍රිකයා ලෙස සැලකෙන කදිරගාමර් මහතා ඊට කැපවී ක්‍රියා කරන ලදි. ශ්‍රී ලංකාවේ බිහි වූ දක්ෂතම රාජතාන්ත්‍රිකයා ලෙස සැලකෙන කදිර්ගාමර් මහතා උපතින් දෙමළ ජාතික , ක්‍රිස්තු භක්තිකයෙකු වුවත්, බෞද්ධ දර්ශනය පිළිපදින විද්වතෙකු ලෙස කීර්තියක් ඉසිලීය.

යෝජනාවට අන්තර් ජාතික සහය ලබා ගැනීම ශ්‍රී ලංකාව හමුවේ තිබූ ප්‍රධානතම අභියෝගය විය.සිය රාජතාන්ත්‍රික හැකියාව විහිදා දැක්වු කදිර්ගාමර් මහතා, රටවල් 35ක සමඅනුග්‍රමකත්වය යටතේ එම යෝජනාව ඉදිරිපත් කිරීමට සමත් විය. සෑම මහද්වීපයක්ම නියෝජනය කරන සෑම ආගමකට අයිති රටවල් ඒ අතර වීම විශේෂත්වයකි.

ප්‍රථම ජගත් වෙසක් උළෙල 2000 වසරේ දී රටවල් 34ක සහභාගීත්වයෙන් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූගස්ථානයේ දී පවත්වනු ලැබුවා.

වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය වසරේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *