(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සහාය දෙමින් වෙරළාශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වේ.
වෙරළ තීරයේ අත්හැර දමා ඇති ධීවර බෝට්ටු, ඔරු හා ජලය එක්රැස් විය හැකි උපකරණ සොයා බලා ඒවා විනාශ කිරීම හෝ බැහැර කිරීම මෙහිදී සිදු කෙරේ.
අදාල වැඩසටහන සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර , ධීවර අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව වෙරළ තීරය තුළ මදුරු මර්දන දිනයක් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී ඇත.
මෙම වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,600 ඉක්මවා තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල,පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවධානම් කලාප ලෙස හදුනාගෙන ඇත.