මැදපෙරදිග අංක එකේ සුපිරි වෙළඳසැල් ජාලයේ ලුලූ ජාත්‍යන්තර සමූහය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – මැද පෙරදිග සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රමුඛයා වන ලුලූ සමූහයේ ආහාර නිෂ්පාදන හා අපනයන සංකීර්ණයක් ශ්‍රී ලංකාවේදී විවෘත කෙරේ.

එහි සමාරම්භක උත්සවය ඊයේ(17) අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක අපනයන සැලසුම් කලාපයේ පිහිටි යාස් ලංකා පරිශ්‍රයේදී පැවැත්වුණි.

මෙම ව්‍යාපාරය මගින් මෙරට වවන ඉතා ගුණාත්මක, තත්වයෙන් උසස් එළවලු සහ පලතුරු ඉහල මිලකට ලබාගෙන විදෙස් රටවලට අපනයනය කරනු ලැබේ. මෙමගින් විදෙස් වෙළදපොලට මෙරට එළවලු සහ පලතුරු වර්ග යැවීමේ හැකියාව මෙරට වගාකරුවන්ට උදාවනු ඇත.

එසේම මෙමගින් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවන බවද සදහන් වේ.

මැදපෙරදිග රටවල ව්‍යාප්ත අංක එකේ සුපිරි වෙළඳසැල් ජාලය වන ලුලූ සමාගමේ වාර්ෂික ආදායම අමෙරිකා ඩොලර් බිලියන 6.9ක් වේ. එහි සේවකයන් සංඛ්‍යාව හතලිස් දහසකි. ශාඛා 134ක් මැද පෙරදිග පුරා ව්‍යාප්තව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *