(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
කෙසේ නමුත් තවදුරටත් ඒ පිළිබඳ අවදානයෙන් පසුවෙමින් තොරතුරු සොයා බලන බව අමාත්‍යංශය පැවසීය.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.