UPDATE කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කළාපයේ සියලූ ගංඟාවල ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කලාපයේ සියලූම ගංගා මේ වනවිට ගංවතුර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රේමා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන ලද්දේ ගත වූ පැය 24 තුළ දකුණ සහ සබරගමුව පළාත්වලින් තද වැසි වාර්තා වූ බවය.

එම කාලසීමාව තුළ මිලිමීටර් 196 යි දශම 7ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ රත්නපුර ප‍්‍රදේශයෙනි.

 

 

 

නිල්වලා, ගිං, සහ කළු ගඟ පිටාර ගලයි

(කොළඹ, ලංකාපුවත්) – වක් ඔය පිටාරගැලීමෙන් හංවැල්ල, දිද්දෙණිය, තුන්මෝදර, පින්නවල, වනහගොඩ, තලපොළ, මාඹුල ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී ඇත.

මේ අතර නිල්වලා, ගිං, සහ කළු ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂිත පියවර ගන්නා ලෙසය.

මේ අතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අවදානම් තත්ත්වයක පවති. එබැවින් කැළණි ගඟ දෙපස ජනතාවට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *