රට වෙනුවෙන් දිනූ පදක්කම් අලෙවි කළ නොහැකි පරිදි නව නීති

(කොළඹ, ලංකාපුවත්) – යම් ක්‍රිඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් රට වෙනුවෙන් දිනා ගනු ලබන පදක්කම් වෙන්දේසි හෝ අලෙවි කළ නොහැකි වන පරිදි ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද(07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බවට කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීමේ දී මේ බව ඇමතිවරයා පැහැදිලි කළේය.

මේ අතර ආර්ථික අපහසුතා ඇති කලාකරුවන් වෙනුවෙන් රජය විසින් ලබාදෙන දීමනාව රුපියල් 5000 කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ ඒ අනුව, දැනට ලබාදෙන රුපියල් 5000 දීමනාව ඉදිරියේදී රුපියල් දස දහස දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *