(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි හට දින 30ක සිර දඩුවමක් නියම කර තිබේ.
ඔහු මේවන විට 41වන වියෙහි පසුවේ.
දිගින් දිගටම නීතිය කඩ කිරීම සහ විරෝධතා රැළි පැවැත්වීම යන චෝදනා හේතුවෙන් ඔහුට මෙලෙස දඩුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
ඊයේ(12) දිනයේ දූෂණ විරෝධතා රැළි ආරම්භ කිරීමට පෙර ඔහුව නිවාස අඩස්සියට ලක් කර තිබේ. විරෝධතා සදහා සහභාගී වු දහස් ගණනක් ජනතාව එරට කැරළි මර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන් වේ.
ඇලෙක්සි නවාල්නි ගේ නීතිඥයින් මෙම නඩුව අතහැර දමන ලෙස මොස්කව් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇත.
එළඹෙන වසරේදී රුසියානු ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කර විපක්ෂ නායකවරයා, මොස්කව් නගරයේ පැවැත්වෙන අනවසර විරෝධතා රැළියකට සහභාගී වීමට සිටි බව ද වාර්තා වේ.