වසර 2020දී ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව පුනරුත්තාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වල තවත් වර්ග කිලෝමීටර 26ක බිම් ‍බෝම්බ ඉවත් කිරීමට නියමිත බවය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ආපදා නොමැති දිස්ත්‍රික්කයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඩී.එම් ස්වාමිනාදන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

යුද සමයේ මෙරට වල දමා තිබූ බ්ම් බෝම්බ වලින් දොලොස් ලක්ෂ 76,898ක් මේ වන විට ඉවත් කර තිබේ.

බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා රජය මිලියන 4000ක් වැය කර ඇති අතර විදෙස් ආයතන මිලියන 10,000ක් වැය කර ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අමෙරිකාව, ජපානය, කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නොර්වේ, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය සහ රුසියාව යන රටවල් සහය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *