ජල මාර්ග අවහිරකරමින් සිදුකර ඇති නීති විරෝධී ඉදිකිරීම් සියල්ල ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ජල මාර්ග අවහිරකරමින් සිදුකර ඇති නීති විරෝධී ඉදිකිරීම් සියල්ල ඉවත්කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ගංවතුර පාලන හා ජල කලමනාකරණය සඳහා වූ දත්ත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඊයේ(28) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

කොළඹ නගරය ආශ්‍රිත නාගරික ප්‍රදේශවලට ඇතිවන ගංවතුර තත්ත්වයන් පිළිබඳ නිසි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් නාවල කිරිමණ්ඩල මාවතේ මෙම මධ්‍යස්ථානය ඉදිකෙරේ. එමෙන්ම දත්ත විශ්ලේෂණය අනාවැකි ලබාදීම, ගංවතුර අවදානම අවම කිරීම සදහා උපාය මාර්ග සකස් කිරීම ද එම මධ්‍යස්ථානය තුළින් සිදුකිරීම සැළසුම් කර ඇත.

මෙම ආයතනයට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ලෝක බැංකුව කැමැත්ත පළකර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *