(කොළඹ, ලංකාපුවත්) –සී එස් එන් රූපවාහිනී ආයතනයේ සභාපති රොහාන් වැලිවිට මහතා අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ඇති බව කියන සමතය පිළිබඳ සළකා බැලීම සඳහා අගෝස්තු 03 වනදා එම පෙත්සම නැවත කැදවීමට අධිකරණය ඊයේ(29) නියෝග කෙරුණි.
එසේ සමථයක් නොමැති නම් පෙත්සම පිළිබඳ විභාගය එදින ආරම්භ කිරීමට ද නියෝග නිකුත් කරන ලදි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජනමාධ්‍ය ඇමති, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසම් සභාවේ අධ්යක්ෂ ජනරාල් යන අය මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
සී එස් එන් නාලිකාවේ විකාශන බලපත්‍රය කිසිඳු හේතු විමසීමෙන් තොරව චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොකර අවලංගු කිරීම නීති විරෝධී සහ අසාධාරණ බව රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරනු ලැබේ.
මෙම පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තම බලපත්‍රය තහනම් කිරීමේ තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි.