(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.
රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ එම කැඳවීම සිදුකර තිබේ.
ඊයේ(15) දිනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර එම ස්ථානයට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම ඊයේ දිනයේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය පදනමට අයත්ව තිබු ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් මෙහිදි ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ දිනයේ පැමිණියේය.
ඒ චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් – 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහාය.