(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දින 100 වැඩපිළිවෙළ සහ ජාතික ආණ්ඩුව දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ අරමුණින් අමාරුවෙන් සකස් කළ වැඩපිළිවෙළක් වන අතර එය දකුණු ආසියාවේ ප්‍රථම අත්හදා බැලීමේ වැඩක් බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ අද(23) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
පක්ෂයක් හදවනාවට වඩා රටත් හදන එක අසීරු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක් ස්ථාවරයක සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අනාගතේ දේශපාලනය පවා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී පැවසීය.
ආණ්ඩුව යම් යම් පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර සමූහික තීණ්දු පොදු ක්‍රමවේදයක් අනුව තීරණය කරනු ලබන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.