(කොළඹ, ලංකාපුවත්) – චීනය සිය අධිවේගී දුම්රිය පද්ධතිය යළිත් වරක් ලොව වේගවත්ම දුම්රිය ජාලය බවට පත්කිරීමේ සැලසුම් සකස්කර තිබේ.
2011 වසරේදී පුද්ගලයින් 40දෙනෙකුට මරු කැඳවූ දුම්රිය අනතුරු දෙකක් හේතුවෙන් අධිවේගී දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර් 300ට සීමා කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය.
එහෙත් නව සැළසුමට අනුව පැයට කිලෝමීටර් 350ක වේගයකින් දුම්රිය හතක් ධාවනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.
නව වේග සීමාවට අනුව බීජිං අගනුවර සිට ෂැංහයි නගරයට ළඟාවීම සදහා ගතවන කාලය පැයකින් පමණ අඩුවන බවයි වාර්තා වේ. අලුතෙන් හඳුන්වාදී ඇති වේගසීමා අනුව අධිවේගී දුම්රිය ධාවනය කිරීම ලබන මස 21වනදා සිට ආරම්භ වන බව එරට වාර්තා සඳහන් කර ඇත.
ජාතික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඔසවා තැබීම් වස් නව අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය නම් කරනු ලැබ තිබෙන්නේ ‘ෆුක්ෂින්’ (Fuxing) යන චීන වචනයෙනි.
චීන ආණ්ඩුවේ සටන් පාඨයක් වන ෆුක්ෂින් (Fuxing) යන්න සංවර්ධන සැලසුම් සඳහාත් භාවිතා කෙරෙයි. එහි තේරුම “තරුණ නැත්නම් නව යොවුන්” යන්නයි.
කිලෝමීටර් 19,960 ක අධිවේගී දුම්රිය මාර්ග ජාලයක් දැනට චීනය සතු වෙතැයි විශ්වාස කෙරේ.