(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ඊයේ(27) ඔහු කුරුණෑගල පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවකදී තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන බවට ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමඟ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කළේය.