ඉන්දීය අගමැති මෝදිගෙන් ජනපති මෛත්‍රීට උපන්දින සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 66වන උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.

ජනපතිට සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ පතන බවයි ට්වීටර් පණිවුඩයක් මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ

උපත 1951 සැප්තැම්බර් 03වනදා උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වේ. ඔහු බස්නාහිර පළාතේ උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය.

ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ “පොදු අපේක්ෂක” ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

2015 ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

ඔහු මෙසේ ජනාධිපති ලෙස තේරී පත් වුයේ විධායක ජනපති ලෙස පෙර නොවු විරූ ආකාරයේ තුන්වැනි වාරයක් බලාපොරොත්තු වු එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවමිනි. පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වදිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු ඡන්දවලින් 51.28% ක් එනම් ඡන්ද 6,217,162 ක් ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඡන්ද 5,768,090 (47.58%) ක් පමණි. ඒ අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 81.52% ක් හෙවත් ඡන්ද 12,264,377 න් වැඩි ඡන්ද 449,72 ක් ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කළේය.

ක්‍රි. ව. 1070 දී ස්ථාපනය වු ලංකාවේ දෙවැනි ඓතිහාසික රාජධානිය වූ පොළොන්නරුවේ ඉපිද හැදී වැඩුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ග්‍රාමීය කෘෂි කාර්මික ජනතාව අතරින් තේරී පත් වු පළමු ජනාධිපතිවරයායි. පොළොන්නරුව විශාල වශයෙන් වී වගා කරන්නන් විසින් ජනාවාස කරන ලද ග්‍රාමීය ප්‍රදේශයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *