(කොළඹ, ලංකාපුවත්) – මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාල විභාග වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිසුවා ඇතුලු තුන් දෙනෙකුට ඇප නියම කෙරුණි. ඒ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට වංචනික ලෙස පිළිතුරු සැපයීමේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා ඇතුළු 05 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ සිසුවා, ඔහුගේ පියා, ටියුෂන් ගුරුවරයා, ටියුෂන් ගුරවරයාගේ පියා සහ සහෝදරයායි.
අද(04) දිනයේ ඉන් සිසුවා, සිසුවාගේ පියා සහ ටියුෂන් ගුරුවරයාගේ පියා රුපියල් දස දහස බැගින් මුදල් ඇප සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කටයුතු කෙරුණි.
ටියුෂන් ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.