ඉන්දියාවේ මෙට්‍රෝ දුම්රියක තාක්‍ෂණික දෝෂයක් – මගීන් 100කට වැඩි පිරිසක් සිරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ලක්නව් නගරයේ මෙට්‍රෝ දුම්රියක ඇතිවූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රියේ සිරවී සිටි මගීන් 100කට වැඩි පිරිසක් බේරාගෙන තිබේ.

මෙම මගීන් දුම්රිය තුළ පැයකට අධික කාලයක් සිරවී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙට්‍රෝ දුම්රිය සිරවී තිබුණේ මාවයියා නගරය ආසන්නයේ ය.

එම අවස්ථාව වන විට දුම්රියේ විදුලි ආලෝකය මෙන්ම වායු සමීකරණ ද ක්‍රියා විරහිතවී ඇත. ඒ සමඟ අපහසුතාවට පත් ජනතාව දැඩි ලෙස භීතියට පත්ව තිබේ.

මෙම දුම්රිය ඊයේ(06) සිය පළමු ගමන සිදුකළ අතර මෙම සිරවීම සිදුවී ඇත්තේ එම අවස්ථාවේදී ය.

එසේම ලක්නම් මෙට්‍රෝ රේල් කෝපරේෂන් කණ්ඩායමට ද මෙම දුම්රියේ දෝෂය අනාවරණය කර ගැනීමට වැඩි කාලවේලාවක් ගත කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *