අලව්ව ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය අගමැති ඉදිරියේ දිවුරුම් දෙයි

(ලංකාපුවත් | කොළඹ) – අලව්ව ප්‍රාදේශිය සභාවේ සභාපතිනිය ලෙස පද්මා වෑත්තෑව මහත්මිය ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළ පද්මා වෑත්තෑව මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ පටන් එහි කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ වෑත්තෑව මහත්මියගේ ස්වාමිපුරුෂයා වන බන්දුල විජේවීර කලාකරුවා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *