(කොළඹ, ලංකාපුවත්) – අටවන වරට පැවැත්වෙන දියකාවා යුද අභ්‍යාසයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සුබපැතුම් එක්කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාව අඛණ්ඩව අට වන වරටත් සංවිධාන කරන බහුජාතික ක්ෂේත්‍ර යුද අභ්‍යාස පුහුණුවක් වන ‘දියකාවා 2017’ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
රටවල් 13ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මෙන්ම ලෝකයේ විවිධ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පසුගිය 03වනදා ආරම්භ කෙරුණි.
ත්‍රිකුණාමලය කුච්චවේලී ප්‍රදේශයේ අද(14) පැවැති යුද අභ්‍යාසය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරඹූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දියකාවා යුද අභ්‍යාසය වෙනුවෙන් එක්වූ දෙස් විදෙස් සියලු ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සිය සුභාෂිංසන පිරිනමන ලදි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති ගෞරවය මෙතෙක් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව විනයගරුක හමුදාවක් නිසා බව මෙහිදී ජනාධිපතිතුමා සදහන් කළේය.