(කොළඹ, ලංකාපුවත්) – මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බව ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා මියන්මාරයෙන් වීසා ලබාගත යුතු බවය.
එහෙත් රෝහින්ග්‍යා සරණාගතයින්ට වෙනත් රටකට යාමට වීසා ලබාදීමක් සිදුව නැති අතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් මියන්මාර රජයෙන් ලබාදී නොමැත.
එබැවින් ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා නම් පැමිණිය හැකි එකම මාර්ගය වන්නේ නීතිවිරෝධිව බෝට්ටු මගින් පමණි.
එලෙස පැමිණි තිස් දෙනෙකු මේ වනවිට රැඳවුම් කඳවුරක සිටින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසුවේ රෝහින්ග්‍යා ගැටලූවේදී මියන්මාරය හුදෙකලා නොකර මිත්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ට උදව් කළයුතු බවය.
එමෙන්ම ෆේස්බුක් සමාජ වෙබ් අඩිය ඔස්සේ සංවිධානය වු පිරිසක් මියන්මාර රජයට සහාය පළ කරමින් කොළඹදී ඊයේ විරෝධතා පා ගමනකද නිරත විය.