(කොළඹ, ලංකාපුවත්) –අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන් කිහිපයක් හා සබඳතා අත්හිටුවීම හේතුවෙන් ඇතිව තිබෙන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කෘෂි විප්ලවයක් ඇරඹීමට කටාර් රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
මීට අමතරව ඔවුන් පශු සම්පත් කළමනාකරණයට ද සූදානම් වන බව වාර්තා වේ.
පසුගිය ජුනි මාසයේ දී සෞදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බහරේනය සහ ඊජීප්තුව යන රටවල් කටාරය සමඟ සබඳතා අත්හිටුවූ බැවින් එරටට ගෙන්වන පාරිභෝගික ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය.
මේ වන විට කටාරය තක්කාලි, ලූනු, හතු වැනි බෝග වගා කිරීම ආරම්භ කර තිබේ. මීට අමතරව එහි පලතුරු වගාවන් ද සිදුකෙරෙන බව වාර්තා වේ.