(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ(11) රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.
දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, අද (12)උදෑසන ධාවනයට නියමිත සියලු දුම්රිය අත්හිටුවීමට සිදුවූ බව ය.
මේ අතර කොටුව දුම්රියපොළ මේ දක්වා මගීන් සඳහා විවෘත කර නොමැත.
වර්ජනය සිදු කරන්නේ දුම්රිය රියැදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය සැකසිමේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයක් මුල් කරගනිමිනි.
අද අලුයම සිට ධාවයන වීමට නියමිත කාර්යාල දුම්රිය ධවනය නොවීම හේතුවෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව තිබේ.
ඊයේ ආරම්භ වූ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානයේ හා මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන් තාවයක් හටගෙන තිබිණි. ඒ වර්ජනය හේතුවෙන් ධාවනය නියමිතව තිබු දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙනි.
නොසන්සුන්තාවය සමතයට පත්කිරීම සඳහා පොලීසිය කඳවීමට ද සිදු විය.
මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, ජී. එස්. විතානගේ සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වැඩ වර්ජනයේ නිරත සේවකයින් සමග ආග්රාමාත්ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැති බවත් එය අසාර්ථක වූ බවයි.
දුම්රිය සහායකයින් බඳවා ගැනීමේ නව පටිපාටියක් සකස් කර එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමත කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, ඒ අනුව එම බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.