(කොළඹ, ලංකාපුවත්) – පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 130කට දුරින් තාරකා දෙකක් එකිනෙක ගැටීමෙන් පෘථිවිය මද සෙලවීමකට ලක්ව, අනතුරුව ඉතා විශාල රත්‍රන් ප්‍රමාණයක් ඉන් පිටතට විසිවී ඇති බව වාර්තා වේ.
එම ගැටිමෙන් ප්ලැටිනම් හා යුරේනියම් වැනි වටිනා ලෝහ වර්ග ඇතුළු මූලද්‍රව්‍ය ගණනාවක් ඉවතට විසිවී ඇති බව සදහන්ය.
මෙම සිද්ධිය තාරකා විද්‍යාවේ නව පරිච්ඡේදයක ආරම්භයක් බව තාරකා විද්‍යාඥයින් පවසයි.
මීටර් දොළහක විශ්කම්භයකින් යුත් තාරකා ද්විත්වයක් මෙසේ එකිනෙක ගැටී තිබේ. ඒ සමග ගුරුත්ව තරංග ද නිකුත්වී ඇති බව සදහන්ය.
පළමුවරට ගුරුත්ව තරංග නිකුත්වීමක් නිරීක්ෂණ කර ඇත්තේ 2015 වසරේය.
මෙම සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පැවැත්වීමට රටවල් රැසක් දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වේ.