(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකර ඇති බව වාර්තා වේ.
පසුගිය ජූලි මාසයේ දී සිඩ්නි ගුවන් තොටුපොලට ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතක් හෙලිවීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව සීමාකර ඇති කලාපවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් දැඩි සෝදිසි කිරීම්වලට ලක්වනු ඇත.
ඔවුන්ගේ බඩු භාණ්ඩ සහ වාහන ද පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය.
ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය නිවරැදිව හදුනාගෙන පාලන කටයුතු ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන අමාත්‍ය ඩැරන් චෙස්ටර් ප්‍රකාශ කළේය.