විපතේදී එක්වූ හිටපු ජනාධිපතිවරු

(කොළඹ, ලංකාපුවත්) – සියරට මුහුණ දුන් මහා ව්‍යසනයක් හමුවේ සියලු දේශපාලන පසමිතුරුකම් ඉවතලා අමෙරිකා එක්සත් ජනපදයේ ජීවමාන හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එකට එකමුතුවීම ලෝකය පුරා මහජන අවධානයට භාජනය වී ඇතිබව බිබිසී පුවත් සේවය වාර්තා කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය දැරූ දේශපාලනඥයන් පස් දෙනෙක් දැනට ජීවමාන වෙති.

බලයට පත් අනුපිළිවෙළ අනුව ඔවුහු ජිමී කාටර් ( 1977-81) ජෝර්ජ් බුෂ් -ජ්‍යෙෂ්ඨ ( 1989-93) බිල් ක්ලින්ටන් (1993-2001 ) ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් -කනිෂ්ඨ ( 2001-2009) සහ බරක් ඔබාමා ( 20092017) වෙති.

එම හිටපු ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් තුන් දෙනෙක් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අතර ජෝර්ජ් බුෂ් පිය පුතු දෙදෙනා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරති.

දේශපාලන ආකල්ප සහ ප්‍රතිපත්තිමය කවර වෙනස්කම් ඇතත්, ඔවුන් පස්දෙනා පසුගිය සෙනසුරාදා (21) ටෙක්සාස් ජනපදයේ දී එක් වේදිකාවක එකට පෙනී සිටියහ.

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා එපරිද්දෙන් එකට එකතු වුණේ පසුගියදා එල්ල වූ ‘හාවි’ (Hurricanes Harvey ) ‘ඉර්මා'(Irma) සහ මරියා (Maria) යන මහා කුණාටු ත්‍රිත්වයෙන් විපතට පත් ජනතාවට ආධාර පිණිස පැවැත්වුන සංගීත සංදර්ශනයක් වෙනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *