කැමා ඇඳුම් සිවිල් පුරවැසියන්ට ඇඳීම, විකිණීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) –හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ළඟ තබාගැනීම සේම එම ඇඳුම් භාවිත කිරීම වහාම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

යුද හමුදා නිල ඇඳුම් තමා සන්තකයේ තබා තබාගැනීම මෙන්ම එම ඇඳුම් හැඳ ගමන් බිමන් යෑමද වළක්වාලන නීති කෙටුම්පතක් සකස් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී තීරණය කර ඇත. පසුගිය දිනවල හමුදා නිල ඇඳුම් සම්බන්ධව ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් ඉදිරිපත් කර තිබිණි. විලාසිතාවක් ලෙස හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇදීමත්, එම ඇඳුම් ඇඳුගෙන අපරාධ සිදුකිරීමත් හේතුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *