වසර 25 කට පසුව විද්‍යාඥයින්ගෙන් නැවතත් අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව ජෛව පද්ධතීන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට නොහැකි අයුරින් විනාශ වෙමින් පවති. මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතුවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

1992 වසරේ දී ද මෙවැනි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඕසෝන් ස්ථරය විනාශ වීම, පරිසර දූෂණය, මත්ස්‍ය ගහනය විනාශ වීම, වනාන්තර විනාශය සහ ගෝලීය උණුසුම ඉහළ යාම යන කරුණු හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එම අනතුරු ඇඟවීම නිකුත් කර විසිපස් වසරක් සපිරීම නිමිත්තෙන් රටවල් 184ක විද්‍යාඥයින් ඊයේ දින දෙවන වරටත් අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.

ප්‍රථම අනතුරු ඇඟවීමේ සිට මේ දක්වා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක භාගයකින් ඉහළ ගොස් ඇති අතර කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම 62%කින් ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *