(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට අද දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුුතු කර තිබුණි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28) පස්වරුවේ එක් වූ අතර, සියලුදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන පෙර මග බලා සිටියේය.
එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.
මෙම නිහතමානී සහ විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිතුමා මෙම හෘදයාංගම මිත්රශීලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බව ද සඳහන් කළේය.
එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශී‍්‍ර ලංකාවත් එහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
තමන් මෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති ධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කළේය.
එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක් පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටී අතර, යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග්රහණයෙන් පසු සීග්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැුසක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
දෙරටේ නායකයින් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් නිහතමානී නායකයින් දෙදෙනෙකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සඳහන් කළේය.
1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.