(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි නුවර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට අවට පවතින දුමාරයෙන් ඊයේ(03) බාධා එල්ල විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමත් සමග තරගය අත්හිටුවීමට බලධාරීහු කටයුතු කළහ.
වායු දූෂණය හේතුවෙන් සති ගණනනාවක සිට දිල්ලි අගනුවර ජන ජීවිතයට බාධා එල්ල වී තිබේ.
එක් අවස්ථාවක දී පිටිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දස දෙනෙකු පමණක් දැකිය හැකි වූ අතර ඉන් වැඩි දෙනෙක් මුඛවාඩම් පැළඳ සිටියහ.
ලහිරු ගමගේ සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් තරගයේ පසු භාගයේ දී පිටියෙන් ඉවත් විය.
ඒ අනුව අවස්ථා තුනක දී තරගය නතර කිරීමට බලධාරීහු කටයුතු කළහ.
එක් අවස්ථාවක දී තරගය නැවත ආරම්භ කිරීමට පෙර විනිසුරුවරුන් විසින් වෛද්‍යවරුන්ගේ සහ භෞතචික්තිසකයන්ගේ අදහස් විමසනු ලැබීය.