වේලාසනම කිලිනොච්චියට ගිය නත්තල් සීයා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර නත්තල් සැමරුම වෙනුවෙන් කිලිනොච්චියේ නැවත පදිංචි වූ කිතුනු බැතිමතුන් වෙනුවෙන් නව අත්දැකීමක් එක් කරමින් අලංකාර වූ නත්තල් කැරොල් ගී උත්සවයක් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවනාගාරයේදී ඊයේ (21) මධ්‍යම රාත්‍රිය වන තුරු පැවත්වුණි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කාරියකරවන මහතාගේ සංකල්පයක් මත 57 සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජේ.එස් ගුණවර්ධන මහතාගේ මගපෙන්වීමෙන් 571 බළසේනාධිපති කර්නල් කේ.ඩබ්ලිව්.එස් කොළොඹත්න්ති‍්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණයෙන් මෙම නත්තල් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් යාපනය අනුනායක පියතුමන් වන අති උතුම් ජේ ජෙබරත්නම් පියතුමන්, මන්නාරම අනුනායක පියතුමන් අති උතුම් වික්ටර් සුසේ පියතුමන් සමග ආරක්‍ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරල් අඡිත් කාරියකරවන මහතා සහභාගී වූහ.

සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා වලින් අලංකාර අයුරින් මෙම කැරෝල් ගී උත්සවය සංවිධානය කොට තිබූණි. උත්සව අවස්ථාවට සහභාගී වූ දූ දරුවන්ගේ සිත් ඇදී ගිය ප්‍රධාන අංගයක් වූවේ නත්තල් සීයාගේ සම්ප්‍රාප්තිය වූ අතර පසුව නත්තල් සීයා විසින් කිතුණු බැතිමතුන් වෙනුවෙන් තැගී බෝගද පිරිනමනු ලැබීය.

මීට අමතරව මීගමුව රොටරි සමාජය විසින් පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ බෙදා දීමක්ද මෙහිදී සිදු කරන ලදි.

උත්සව අවස්ථාව සඳහා 57 සේනාංකාධිපති මේජර් ජෙනරල් එචි.ජේ.එස් ගුණවර්ධන 65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සරත් වීරවර්ධන, 66 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දුමින්ද කැප්පෙටිවලාන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ප‍්‍රභුවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *