(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉන්දියාවේ විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර හමුවක් පසුගිය 13වනදා නවදිල්ලියේදී සිදු විය.
මෙහිදි දෙරට අතර සංවර්ධන සහායෝගිතාව සම්බන්ධයෙන් පවතින ගැටලු සකාච්ඡා කෙරුණු බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.
ඉන්දු ශ්‍රී ලංකා මිතුදම වඩාත් තහවුරු කිරීම සදහා දෙපාර්ශ්වයටම බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අදහස් හුවමාරු කර ගෙන ඇත.
අමෙරිකා ඩොලර් බිලියන 2.63ක මූල්‍යාධාර මෙන්ම ඩොලර් මිලියන 458 ක ප්‍රදානයක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ද ඩොලර් මිලියන 167.4 ක ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේය. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සදහා ඉන්දියාව අමෙරිකා ඩොලර් මිලියන 800 ක මූල්‍ය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.
මෙම සංචාරයේදි ඉන්දිය මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලී අතර හමුවක් සිදුවි තිබේ. දෙරට අතර ක්‍රියාත්මක ආර්ථික ව්‍යාපෘති සම්බන්ධයෙන් වු කරුණු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වාදී ඇත.