(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පලස්තීනයට ලබාදෙන ඩොලර් මිලියන 65ක අරමුදල් අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කරයි.
එමඟින් දහස් ගණන් ජනතාව පීඩාවට පත්වන බව ජගත් සංවිධානයේ සහන සහ සේවා ඒජන්සිය සඳහන් කර ඇත.
පලස්තීනය, ඊශ්රායලය සමඟ සාකච්ඡාවලට එකඟතාව පළ නොකළහොත් ආධාර කපා හරින බවට අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මින් පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සියයට තිහක අරමුදලක් අමෙරිකාව ලබාදෙන බව සඳහන් ය.
පසුගිය වසරේ ඔවුන් එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියට අමෙරිකා ඩොලර් මිලියන 370 ක ආධාර ලබාදී තිබුණි.