කතරගම සිද්ධියේදි පොදු දේපල වලට හානි කිරීම් සම්බන්ධයෙන් පරික්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – කතරගම සිද්ධියේදි කලහකාරි ලෙස හැසිරුන පිරිස් විසින් පොදු දේපල වලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කොට තිබේ.

කතරගම ප්‍රදේශයේදි පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් මියයාමේ සිද්ධියට ප්‍රදේශවාසීන් විරෝධය පලකරමින් කතරගම පොලිසිය ඉදිරිපිට ඊයේ (20) රාත්‍රියේ සිට අද දහවල් වනතෙක් නොසන්සුන්කාරී ලෙස හැසිරුනි.

මෙහිදි විරෝධතාකරුවන් පොලිසියටද ගල්මුල් ප්‍රහාර එල්ල කලා.මෙම සිදුවීමේදි කලහකාරී ලෙස හැසිරුන පිරිස් විසින් පොදු දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කොට අැත.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානවල CCTV දර්ශන පරික්ෂා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේය.

මෙම විරෝධතාව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකු විසින් මෙහෙයවන බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.මේ වනවිට විරෝධතාවයේ නිරත පිරිස් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *